පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අද සවස සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.
මෙලෙස පහර දීමට හේතුව, මහරගම පොලිසියට අනියුක්තව සේවයේ නියුතු රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව පහර කෑමට ලක්වූ ලොරි රථ රියැදුරා විසින් ධාවනය කරන ලද රථයේ ගැටී තුවාල සිදුවීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මෙම ලොරි රථයේ අදාළ පොලිස් නිලධාරියා ගැටෙන අයුරු ඒ අසල පිහිටි වාහනයක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
Contact Information
Share: