Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් පුද්ගලයෙකි

නිරෝධායන නිති සහ සංචරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ජීප්රියේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඇතැයි උ,පරීක්ෂක වරයා සහ සැරයන්වරයා පවසා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් අධිකාරීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් විනයානුකූලව කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

මීට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පවත්වා එම කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *