Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කරනවා.

ෆේස්බුක් ගිණුම් හිමියකුගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ අදාළ පුද්ගලයන් විසින් රටේ යම් නීතියක් උල්ලංඝනය කර ඇත්නම් පමණක් බව ෆේස්බුක් සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී ඇම්බර් හෝකස් ප්‍රකාශ කරනවා.

අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍යහමුවක් අමතමින් පසුගියදා ඇය මේ බව සඳහන් කළා.

‘‘පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අප සතුව තිබෙනවා. ඔවුන්ට (පොලිසියට) අපගෙන් තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් (ගිණුම් හිමියන්) දේශීය නීති උල්ලංඝනයක් සිදු කර ඇත්නම් පමණයි. එවැනි ඉල්ලීමකදී අපගේ කණ්ඩායමේ අදාළ නීති පිළිබඳව අධ්‍යයනයක් සිදු කරනවා. ඒ සඳහා පුහුණුව ලත් පිරිසක් අප සතුව සිටිනවා. එය අන්තර්ජාතික නෛතික රාමුවක් බව ඇම්බර් වැඩිදුරටත් සඳහන් කළා.

ෆේස්බුක් හි පළවන තොරතුරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නම් පොලිසිය අදාළ ක්‍රියාවලිය හරහා ගමන් කළයුතු බවද ඇම්බර් පෙන්වා දෙනවා.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වේදිකා ඔස්සේ පළ කෙරෙන ඇතැම් පුවත් සහ සටහන් පිළිබඳව නිරීක්ෂණය කරන බවත් ෆේස්බුක් සමාගමින් අවශ්‍ය තොරතුරු ලබාගනිමින් ඇතැම් පළකිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් දෙපාර්තමේන්තුව මෑතකදී ප්‍රකාශ කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *