Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (30) දිනට යෙදී තිබු කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමක් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සිදු කොට තිබේ.

අදාළ සැමරුම පොලිසිය විසින් සංවිධානය කොට තිබූ අතර මේ සඳහා කුරුණෑගල මූලස්ථානය බාර පොලිස් පරීක්ෂකවරයා සහ කුරුණෑගල දිසාව බාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

කෙසේ නමුත් පිරිත් දේශනාවක් අතර තුර සංවිධානය කර තිබු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම සිදුවීම නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බවය.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීම ද සිදුකෙරුණි.

පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීම ද එම අවස්ථාවේ දී සිදුවිය.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *