Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් – 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවයි.

රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළා.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේ නමුත් ගෙවී ගිය ටයර සහිතව ධාවනයේ යෙදෙන රථ වාහන සොයා අද සිට සිදු කෙරෙන විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් රියදුරන් විරෝධය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අපහසුතා සහ ටයර් හිඟයක් පවතින මෙවන් අවස්ථාවක එවැනි මෙහෙයුම් සිදුකිරීම අසාධාරණ බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *