Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොළොන්නරුව මහ රෝහලේ 22 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අදාල වාට්ටුව වෙත නව රෝගීන් ඇතුල් කරගැනීම මේ වනවිට තාවකාලිකව නතර කර ඇති අතර එම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින සියලුම රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු 50 දෙනෙකු අද දිනයේදී පීPCR පරික්ෂණයට යොමුකිරීමට නියමිත බවයි පොලොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනයවී ඇති කාන්තාව මීට දින කිහිපයකට පෙර වෙනත් රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් වී තිබෙනවා.

එහිදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය PCR පරික්ෂණයට යොමුකර ඇති අතර අදාල කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව එමගින් තහවුරු වී තිබෙනවා.

දෙවන PCR පරික්ෂණය සඳහා අද දිනයේදී රෝගී කාන්තාවගේ යොමු කොට ඇති අතර එමගින්ද ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *