Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග් – යී ඇතුළු දූත පිරිස ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

චීන – ශ්‍රී ලංකා රාජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් දියත් කිරීම එම සංචාරයේ එක් අරමුණක්.

එසේම, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රබර් – සහල් ගිවිසුමේ 70 වන සමරුවද මීට සමගාමීව පැවැත්වෙනු ඇති.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳවද චීන විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂිතයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමග අද (09) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් සමඟින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව අද දිනයේදී විවෘත කිරීමට සමගාමිව පවත්වනු ලබන සැමරුම් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් ලෙස සැලකිය හැකිවේ.

දින කිහිපයක් ඇතුළත මහජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අලුතින් ඉදිකරන ලද අඩිපාර ඔස්සේ පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුවට පිවිසිමට අවස්ථාව උදාවෙනු ඇත.

අලුතින් ගොඩ කරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවන අදියරේදී මහජනතාව සඳහා විවෘත කෙරෙන බව ව්‍යාපෘති භාර සංවර්ධකයින් සඳහන් කර සිටී.

පෝට් සිටිහි මේ වන විටත් පෞද්ගලික සමාගම් විසින් දැනටමත් යෝට් යාත්‍රාවන්, ATV (All-Terrain Vehicle) වැලි කඳු ත්‍රාසජනක සවාරි, ජෙට් ස්කී ජල ක්‍රීඩා, වෙරළ උද්‍යානය සහ තවත් බොහෝ පහසුකම් සහිත ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටිය මහජනතාව ගේ විනෝදාස්වාදය සඳහා එක් කර ඇත.

Leave a Reply

Your email address will not be published.