Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නුවරඑළිය හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගරය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මිටර් 8 ක් පමණ ප්‍රපාතයෙන් වු එලවළු කොටුවක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑළිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව රාගල පොලිසිය පැවසිය.

(29) දින උදැසන 11.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ මහතුඩුගල ප්‍රධාන මාර්ගය ආසන්නයේදිය.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව ගිලන්රථ මගින් රෝහල් ගත කල බවත්, රෝහල් ගත කල තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.

බස් රථය ධාවනය කල රියදුරාට හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරු පාලනයෙන් මිදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි රාගල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

පෞද්ගලික බස් රථය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *