Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බගවන්තලාව හෝලි රොසරි දමිළ මහා විද්‍යාලයේ පාසල් සිසුවියකට සහ සිසුවෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවසුවේ එම දරුවන් දෙදෙනාගේ මව්වරුන්ට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

එම පාසලේ 11 වසරේ මිට පෙර ආසාදිත සිසුවෙකු හමුවිමත් සමග එම ආසාදිත සිසුවාගේ ආශ්‍රිතයින් 105 දෙනෙකුගෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

තවද තවත් වතු දෙකකින් අසාදිතයන් පස් දෙනෙකු අද (19) දින හමු වී ඇති අතර බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ්-19 වෛරසය අසාදනය වු ආසාදිතයන් 115 දෙනෙකු හමුවි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.ඩි.අයි.ඩි. බස්නායක මහතා පැවසිය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *