Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර ඊයේ (20) රාත්‍රියේදී වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පවසයි.

ඉකුත් දෙදිනක තුළ සිදුකළ PCR පරීක්ෂණ 630න් එම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත.

ඒ සමඟ, අටලුගම ආසාදිත රෝගීන් ගේ සංඛ්‍යාව 931 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් ඇත.

PCR පරීක්ෂණ සිදුකළ තවත් 180 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය පවසයි

එම ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු සිදුකරන බවත් අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පවසා සිටියි

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *