Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් භාර දුන් නාම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ප්‍රධාන කරුණු දෙකක් සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සීලරතන හිමියන්ගේ නාමයෝජනාව එය භාර දුන් අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ අනුව, ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ නොවීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස උන්වහන්සේ භාර දුන් නාම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ, සීලරතන හිමියන් ඉදිරිපත් වුණු උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ එකක් නොවන බවය.

සියලු කරුණු පැහැදිලි කර පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නාමයෝජනාව භාර දුන් අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කළ ද උන්වහන්සේ නාම යෝජනා අයැදුම් පත්‍රය එහි තබා ගිය බව ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *