Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වූ බව අද උදෑසන වාර්තා වුණා.

මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම උන්වහන්සේ අපවත් වූ බව ආරංචි මාර්ග තහවුරු කළේ ය.

මිය යන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය.

බද්දේගම සමිත ස්වාමින් වහන්සේ මීට දින කිහිපයකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩම කර සිට ඇත.

කෙසේ වෙතත්, පසුව යළි ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ මාතර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලුයම අපවත් වී තිබේ.

සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී සිටියදී පෙනහලුවල ඇති වූ දුර්වලතාවක් මත වැළඳුණු නියෝමෝනියා තත්ත්වයක් හේතුවෙන් උන් වහන්සේ අපවත් වී ඇති බවය.

මීට පෙර කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබුණු හෙයින්, උන්වහන්සේගේ අවසන් කටයුතු කොවිඩ් මරණ ආදාහනය කරන ආකාරයට සිදු කිරීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු හිමිනම ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසයට එක්වන අතර, උන්වහන්සේ 2001 වසරේ සිට 2004 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය. ගාල්ල, බද්දේගම, ගොතටුව ශ්‍රී පාදගොඩැල්ල විහාරස්ථානයේ විහාරාධිපති ලෙස උන්වහන්සේ කටයුතු කළ සේක.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *