Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයකට පත්වූ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හමියෝ අද (30) උදෑසන අපවත්වූහ.

සමිත හිමියන් කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ඉන් සුව වී යළි විහාරස්ථානයට වැඩමකර සිටිය දී යලි පෙනහළු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

උන්වහන්සේගේ අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍ය වූ බැවින් මාතර ආසිරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ අපවත්වූහ.

කෙසේ වෙතත් උන්වහන්සේ අපවත් වීමට හේතුව කෝවිඩ් ආසාදනය බවට මෙතෙක් තහවුරු වී නැහැ. 

අපවත්වන විට 69 වැනි වියේ පසුවූ සමිත හිමීයෝ බද්දේගම ගනේගම ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරයේ වැඩ විසූහ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *