Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස මෙතෙක් නිල වශයෙන් පත් කර නොමැති බවත් ඔහුගේ නම පමණක් එම තනතුර සඳහා යෝජනා වී ඇති බවත් විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

බන්දු සමරසිංහ ඉතාලියේ මිලානෝ රාජ්‍ය තාන්ත්‍රික තනතුරට පත් කර ඇති බව ජාතික පුවත්පත් ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් ඊයේ (14) වාර්තා කර තිබිණි.

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් තනතුර පුරප්පාඩු වූයේ සංගීතඥ නීලා වික්‍රමසිංහ එම තනතුරේ සේවය කරමින් සිටිය දී මේ වසර මුලදී අභාවප්‍රාප්ත වීමත් සමඟය.

මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ පත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

Leave a Reply

Your email address will not be published.