බන්ධනාගාර ආශ්රිත කොරෝනා ආසාදිතයන් ගණන 3,087 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද (14) දිනයේදී නව ආසාදිතයින් 122ක් හඳුනා ගැනීමත් සමඟයි.
අද (14) හමුවූ ආසාදිතයින් 122 දෙනාම පිරිමි රැඳවියන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින පිරිමි රැඳවියන් 2,414 කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, කාන්තා රැඳවියන් 189 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවයි තහවුරු වී ඇත්තේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 103ක් වනවා.