Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර.කේ සිංහාරච්චි මහතා පවසයි.

මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්‍රයෙන් පනස් දෙදෙනකු පි.සි.ආර් පරීක්ෂණ සඳහා ලක් කළ බවත් ඉන් 34 දෙනකු ගේ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා ඊයේ (22) රාත්‍රී ලැබුණු බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.

එම පරීක්ෂණ වාර්තා වලට අනුව පහළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ද හෙතෙම පවසයි. තවත් 18 දෙනෙකුගේ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර.කේ සිංහාරච්චි මහතා පවසයි.

මෙකී තත්ත්වය යටතේ කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා එම ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව දැඩි සංචරණ සිමා පනවා ඇති බවද හෙතෙම පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කලා.

“ඉකුත් 16 වැනි දින කොළඹ නැව් තටාංගන ආයතනයේ සේවය කළ මෙම සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවා. ඉන් පසු මෙකී ආශ්‍රිතයාගේ පවුලේ අය ඇතුළු නවදෙනකු පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කලා. එම පරීක්ෂණ වාර්තා අනුව මොහු ගේ මව, පියා, බිරිඳ යන තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. දැනට කටුවිල ග්‍රාම නිලධාරී වසම නිවාස 90ක පූද්ගලයින් 250 දෙනකු පමණ සොයන් නිරෝධයට ලක් කොට තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රජාව ගේ සහයෝගය අවශ්‍ය වෙනවා.එම නිසා සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව කටයුතු කරන ලෙස කටුවිල ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දින මෙම ප්‍රදේශයේ පළමු පෙළ හා දෙවැනි පෙළ ආශ්‍රිත යන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සිදුකරනු ලබනවා. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ යම් අයෙකුට උණ, කැස්ස හෝ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් නිවසේ සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *