Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට යෑමට උත්සාහ දරන පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙස ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අවධානය කරයි.

මෙම තහනම පනවා ඇති කාලසීමාවේ බස්නාහිරෙන් කිසියම් අයකු හෝ පිරිසක් පැමිණ තිබෙනවා නම් ඒ අය පිළිබඳ අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙස ද ප්‍රාදේශීය පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තහනම පැනවූ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් කිසිවෙකු හෝ හෝටල් සහ නිවාඩු නිකේතනවලට පැමිණ ඇත්නම් ඔවුන් පිළිබඳ එම හිමිකරුවන් හෝ ඔවුනට නවාතැන් දෙන නිවෙස් හිමියන්ද ඒ අය පිළිබඳව පොලිසිය දැනුවත් කළ යුතු බව ද හෙතෙම කියා සිටී.

මෙවැනි තැනැත්තන් පිළිබඳව පොලිසිය හා බුද්ධි අංශ සොයාබැලීම් සිදුකරන බවත් එවැනි තැනැත්තන්ව සෞඛ්‍ය බලධාරීන් සමග එක් වී ස්වයං නිරෝධායන ක්‍රියාවලියට භාජන කරන බවද ඒ මහතා කියා සිටී.

මේ අතර බස්නාහිර පළාත තුළට යම් අයකුට පැමිණීමට හැකියාව ඇති නමුත් කිසිවකුට බස්නාහිර පළාත තුළින් තහනම ක්‍රියාත්මක කාලසීමාවේ පිටව යෑමට අවසර හිමි නොවන බව අජිත් රෝහණ මහතා කීය.

යම් අයෙකු අද, හෙට පැමිණිය ද නැවත ආපසු යෑමට හැකිවන්නේ ඉරිදා (15දා) මධ්‍යම රාත්‍රියෙන් පසුව බව ද හෙතෙම පවසයි.

එම නිසා සැලසුම් කර බස්නාහිර පළාත තුළට පැමිණෙන ලෙසට ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර පළාතෙන් පිටතට යෑමට අවස්ථාව ලැබෙන්නේ සෞඛ්‍ය, ජලය, විදුලිය, ඉන්ධන, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන කාර්ය මණ්ඩල සඳහා ඔවුන්ගේ සේවය අවශ්‍ය කර තිබෙන අවස්ථාවකදී පමණක් බවද හෙතෙම අවධාරණය කරයි.

මින් පෙර ආයතන 112ක් සඳහා හැඳුනුම්පත භාවිත කරමින් ගමන් කිරීමට ලබාදී තිබූ අවසරයද මෙවර නොසලකනු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *