Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් අද (18) සිට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂා නොඑසේනම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව (RAT) සඳහා භාජනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ මීගමුව පාර, නුවර පාර සහ ගාලු පාර ඇතුළු හඳුනාගත් ස්ථාන 4කදී මෙලෙස අහඹු ප්‍රතිදේශ ජනක පරීක්ෂණ සිදුකරන බවය.

මේ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් මෙම තීරණය, නිවැරදි තීරණයක් බවය.

අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදි නියැදියක් මගින් සිදුකරනු ලැබුවහොත්, එක් ආසාදිතයෙකු යනු 2000කට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් ලෙස අනුමාන කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරයි.

තව ද මෙම අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය සාර්ථකව සිදුකිරීමට ජංගම රසායනාගාර 10ක් පමණ අවශ්‍ය බවත් ඒවා ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු උනන්දුවක් නොමැති බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංමගය වැඩි දුරටත් පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *