බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් 12 වන දිනෙන් පසුව ආරම්භ කිරීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේදීය.
උපකාරක පන්ති නැවත විවෘත කිරීම සඳහා සූදානම් වීමේ මාර්ගෝපදේශයට අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම 100කට සීමා කළ යුතු අතර මෙය මහා පරිමාණයේ පන්ති සඳහා ද අදාළ වන අතර සෑම විට ම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතු බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ආසන පහසුකම 100ට වඩා අඩු වන අවස්ථාවේ එය 50%ට වඩා නොඉක්මවා යා යුතුය.
සෞඛ්‍ය ඇමතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස් කළ හැක්කේ රටේ පවතින රෝග ව්‍යාප්තිය, පැතිර යාමේ අවදානම ආදිය විද්වත් කමිටුවක් මගින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව බවය.