බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත මේ වන විටත් භාර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.
එම නිර්දේශයන්ට අනුව බස්නාහිර පළාතේ මෙතෙක් වසා දමා තිබූ පෙර පාසැල්ද ආරම්භ කිරීමට අවසර ලැබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් සඳහන් කලේ බස්නාහිර පළාතේ පාසැල්වල, සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා වන අවසන් තීරණය ගත යුතුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් බවයි.
ඒ අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ.
මීට පෙර බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.