Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර පළාත තුළ පුද්ගලයින් 57,000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත අද (17) දින ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිතයි.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවලත් අවුරුදු 30 – 60ත් අතර සියලුදෙනාට අද දිනය තුළ එන්නත් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *