Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (27) උදෑසන 9 ට පමණ මිනුවන්ගොඩ හුරිගහමුල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් ගල්කන්ද ප්‍රදේශයේ තරුණයෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.
නිරෝධායනය සදහා විදෙස් ගත කණ්ඩායම් රැගෙන යන බස්රථයකට යටවීමෙන් මෙම අනතුරු සිදුවුණා.

එම අනතුරින් මෝටර් බයිසිකලයේ ගමන් ගත් දෙදෙනෙක් සහ මාර්ගයේ ඇවිද යමින් සිටි පුද්ගලයෙක් මාර්ගයේ ඇද වැටෙන අතර එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයකට හසුව ඉන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව දෙදෙනෙක් දරුණු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර පාර හරහා ගමන් කරමින් සිටි තරුණයෙකු හැපීම නිසා පාලනයෙන් ගිලිහුණු යතුරුපැදිය බස් රථයට යටවෙන අයුරු CCTV දර්ශනවලින් දිස්වෙනවා.

කෙසේ වුවද අදාළ බස් රථය අදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කළ බව කියමින් ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කළ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එම වීඩියෝව පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *