Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස් රථ ධාවනයෙන් එළඹෙන සතියේ සිට ඉවත් වීමට තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා.

ඒ මේ වන විට බස් රථ සේවකයන් සීයක් පමණ කොවිඩ් ආසාදිතයින් බවට පත්වී තිබියදීත්, බස් රථ සේවකයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා නොදීම හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොළඹ ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරය වෙත මීට දින කිහිපයකට ඉහත දී බස් රථ සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස ලියාපදිංචි තැපැලෙන් ලිඛිතව ඉල්ලීමක් කළද මේ වන තෙක් එම ඉල්ලීම ප්‍රතිචාරයක් නොලැබී ඇති බවයි.

එම නිසා බස් රථ සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන්නේ නැතිනම්, එළඹෙන සතියේ දී බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ඔහු කියා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *