Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මගී ප්‍රවාහන බස් රථ රියදුරන් පිළිබඳව දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් කොළඹින් පිටත්වන දුර ගමන් සේවා බස් රථ වල රියන්දුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම මෙහෙයුම අද (05) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, අධික වේගයෙන් ධාවනය, මත්පැන් පානය කර රිය ධාවනය, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කිරීම සහ වෙනත් මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් විමසිලිමත්ව සිටිනු ඇති බවත්, රියදුරා යම් වරදක් කළහොත් එම බස් රථය ආසන්නතම පොලිස් ස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *