Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශුද්ධ පරිමාව 20 g හෝ 20 ml සමාන සැෂේ ඇසුරුම් මාර්තු 31 සිට තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයත් සමඟ එම නීතියේ සිදුරු වලින් රිංගා යෑමට බහුජාතික සමාගමක් කටයුතු කර ඇති බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

පැකට් 4ක් ලෙස වෙන් කළ හැකි 24 ml ඇසුරුමක් එම සමාගම විසින් සකස් කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම නීතිය හඳුන්වා දෙනු ලැබුවේ පරිසරයට කුඩා සැෂේ පැකට්ටු විශාල වශයෙන් එක් වීමෙන් සිදුවන පරිසර හානිය අවම කිරීමට වන නමුත් මෙම බහුජාතික සමාගමේ ඇසුරුම හරහා අවසානයේදී සිදුවන්නේ නැවතත් පෙර ලෙසම පරිසරයට සැෂේ පැකට්ටු එක් වීම බවයි වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ.

සැෂේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *