Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

95 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනට කොවිඩ් ආසාදනය වී ඇති බව බකින්හැම් මාලිගය මෙය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ඇයගේ රෝගී තත්වය බරපතල නොවන අතර ලබන සතිය වන විට රැජිනට සාමාන්‍ය පරිදි රාජකාරී සිදුකරගෙන යාමට හැකිවනු ඇතැයි බකින්හැම් මාලිගවේ ප්‍රකාශකයකු වාර්තා කර තිබෙනවා.

ඇය අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර සුදුසු සියලු මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇතැයි බකින්හැම් මාළිගාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

චාල්ස් කුමරු සහ කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා යන දෙදෙනාටම මෑතකදී COVID-19 අසාදනය වූ අතර, රැජින පසුගිය සතියේ කොවිඩ් ආසාදිත වූ වැඩිමහල් පුත්‍රයා වන වේල්ස් කුමරු සමඟ ද සම්බන්ධකම් පවත්වා තිබෙන බවධ වාර්තා වේ.

එක්සත් රාජධානිය දීර්ඝතම කාලයක් පාලනය කළ  රජු බවට රැජින පත්වී සති කිහිපයකට පසුවයි ඇය මෙලෙස කොවිඩ් අසාදිත වී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 6 වන දිනට මහ රැජින ධුරයට පත්වී වසර 70ක් වුණා.

දෙවන එළිසබෙත් මහ රැජින, චාල්ස් කුමරු සහ කැමිලා යන තුන්දෙනාම එන්නත් මාත්‍රා ත්‍රිත්වයම ලබාගෙන ඇති බවට ද වාර්තා වේ.

රැජින වාසය කරන වින්ඩ්සර් මාලිගයේ සේවක සේවිකාවන් රැසක්ම කොවිඩ් ආසාදිත බවට පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published.