Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් ධාවන පථය අවසානයේ යානය ගුවන් ගත වීමේදී අනතුරට ලක්ව මොවුන් මියගොස් තිබේ.

එරට පැල්මාස් (Palmas FC) ක්‍රීඩා සමාජයේ අයත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ක්‍රීඩකයින් තරගාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවන්හිදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

එම අනතුරින් ක්‍රීඩකයින්ට අමතරව ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ගුවන් නියමුවරයා ද මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර ක්‍රීඩා සමාජයේ සභාපති ලූකස් මීරා සහ ක්‍රීඩකයින් වන ලූකස් ප්‍රක්සෙඩිස්, ගිල්හර්ම් නොයි, රනුලේ සහ මාකස් මොලිනාරි යන අයද , යානයේ නියමුවා වන වැග්නර් ද සිට තිබෙනවා. මෙම අනතුරින් කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැති බව වාර්තා වනවා.

Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *