Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් පළමු වරට ආසියානු රටකින් ආසාදිතයෙක් වාර්තා වී ඇති බව ‘Bangkok Post‘ වාර්තා කරනවා.

එලෙස රෝගියෙක් හමුවී ඇත්තේ සිංගප්පූරුවෙන්.

යුරෝපයේ සිට සිය රටට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සිදුකළ ජානමය පරීක්ෂණයකදී මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම ආසාදිතයා හඳුනාගෙන තිබෙන්නේ නොවැම්බර් 17 සිට දෙසැම්බර් 17 දක්වා කාලය තුළ සිංගප්පුරුවට පැමිණි කොවිඩ්-19 ආසාදිත රෝගීන් 31 දෙනෙකුට කරන ලද පරීක්ෂණයකින්ය.

තවත් 11 දෙනෙකුට මූලික වශයෙන් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ වාර්තා වැඩිදුර අධ්‍යයනය සඳහා යොමුකර තිබේ.

නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදී තරුණියකි

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *