Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් මේ වන විට කොරෝනා වෛසරයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇත.

බ්‍රිතාන්‍යයෙන් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරිහු පවසති.

ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමත් සමග ඊට එරෙහිව එරට එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා මෙසේ බ්‍රිතාන්‍ය සමග සිදු කළ හුවමාරු ගිවිසුම මගින් මෙම එන්නත් තොගය ලැබී ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා පිරිසකට ( මිලියන 25කට ආසන්න ) ලොක්ඩවුන් කිරීමක් සිදු කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *