Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක සිදුවූ දෝෂයක් හේතුවෙන් 1300ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවට සාවද්‍ය ලෙස දැනුම් දී ඇතැයි ‘රොයිටර්’ වාර්තා කරයි.

නොවැම්බර් 19 සිට 23 දක්වා කාලය තුළ සිදුකරන ලද පරීක්ෂණ 1,311ක් කෝවිඩ් ආසාදිත ලෙස සටහන් වී ඇති අතර එම නිගමන නිවැරදි නොවන බව පසුව අනාවරණය වී තිබේ.

කෙසේ වුවද මේ සම්බන්දව කඩිනමින් පියවර ගැනීමට බ්‍රිතාන්‍ය සෞඛය අංශ කටයුතු කර තිබේ.

මෙයින් පීඩාවට පත්වූවන්ට වහාම දැනුම් දුන් බවත් ඔවුන්ට තවත් පරීක්ෂණයක් කිරීමටත්, රෝග ලක්ෂණ ඇත්නම් ස්වයං නිරෝධායනය වීමටත් ඉල්ලා සිටි බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම ගැටලුවට තුඩුදුන් රසායනාගාර දෝශය හුදකලා සිදුවීමක් බවත් එය ගැන විමර්ශනය කරමින් සිටින බවත් ඔවුහු වැඩිදුරටත් පවසා තිබේ.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් මිලියන 1.5ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 57,551කට අධික සංඛ්‍යාවක් සිදුවී තිබේ.

Featured image and Content image source : Getty images
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *