බාබකියු උඳුනක් කාමරයක සීතල අඩු කිරීම සඳහා තබා ගනිමින් නින්දට ගිය පුද්ගලයන් තිදෙනකු සිහිසුන් වි සිටිය දි නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
කුරුණෑගල මහව ප්රදේශයේ සිට නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි 08 දෙනකු නුවරඑලිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වි ඇත.
එම පිරිස ඊයේ රාත්රියේ අදාළ නිවසේ සාදයක් පවත්වා ඇති අතර, එහිදි බාබකියු උඳුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන අලුයම 3 ට පමණ එම පිරිස සිටි පුද්ගලයන් තිදෙනකු බාබකියු උඳුන ඔවුන් කාමරයක් තුලට රැගෙන ගොස් ඇත.
පවතින සීතල මඟහරවා ගැනීම ඔවුන් බාබකියු උඳුන කාමරය වෙත රැගෙන ගොස් තිබෙනවා. එම කාමරය තුල අවු 20, 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනකු සිට ඇති බවත්, ඔවුන් අද අලුයම අවදි නොවු නිසා ඒ පිලිබදව සොයා බැලිමේදි එම තිදෙනා ඇද මත සිහි සුන්ව සිටි බවට ඔවුන් සමඟ පැමිණි අනෙකුත් පිරිස පවසනවා.
මෙම සිදුවීම පිලිබදව එම සංචාරය සදහා පැමිණි සෙසු පිරිස එම නිවසේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු ප්රදේශවාසින් සමග එක්ක 1990 ගිලන් රථය මගින් නුවරඑලිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
රෝහල් ගත කළ තිදෙනාගේ තත්ත්වය බරපතල නිසා එම තිදෙනා නුවරඑලිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත්, එම තිදෙනාගේ තත්ත්වය බරපතල බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසයි.