Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන්ගේ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 433 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යෙද වූ ස්ථාන 30 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ කොළඹ නගරය තුළ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බුද්ධි තොරතුරු මත මෝදර සහ කොල්ලුපිටිය පොලිස් වසම්වල එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

අදාළ මෙහෙයුම කොළඹ නගරයේ පොලිස් වසම්වල අද දිනයේදී ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *