Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කර බංග්ලාදේශය හමුවේ අවමන් සහගත පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අගෞරවයෙන් මිදීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබා ගනිමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 122කින් ලකුණු 120ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින්. මෙය ඔහු වාර්තා කළ 6 වැනි එක්දින ශතකයයි.

Image source – Getty image

කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 82ක සබදතාවයක් ගොඩ නැගූ අතර ධනුෂ්ක ලකුණු 39ක් රැස් කලා. පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දැවී ගියා. ධනංජය ද සිල්වා පන්දු 70කින් නොදැවී ලකුණු 55ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 7කටත්, වනිදු හසරංග ලකුණු 18කටත් දැවී ගිය අතර, රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 8ක් රැස් කලා. පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4 සිදු කර ඇති  අතර ඉසුරු උදාන, ලක්ෂාන් සදකැන්, දසුන් ශානක සහ අෂේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කලේ නැහැ.

ඔවුන් වෙනුවට රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ බිදුර ප්‍රනාන්දු අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ නිරෝෂන් දික්වැල්ල ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන තිබුනේ.

Image source – Sri Lanka cricket

ලකුණු 287ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට  පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

එහිදී මහ්මදුල්ලාහ් පන්දු 63කදී ලකුණු 53ක් රැස් කල අතර මොසාද්දෙක් හුසේන් ලකුණු 51 ක් රැස් කලා.පෙර තරග ද්විත්වයේම කැපීපෙනෙන දස්කම් දැක්වූ මුෂ්ෆිකර් රහීම්ට මෙම තරගයේදී රැස් කරගත හැකිවූයේ  ලකුණු 28ක් පමණයි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 5ක් බිඳහෙලුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 16ක් පමණක් ලබා දෙමින්.රමේෂ් මෙන්ඩිස් සහ වනිදු හසරංග අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඒ අනුව තරග තුනකින් සමන්විත වූ බංග්ලාදේශ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාව⁣ලියේ තරග දෙකක් ජයග්‍රහණය කල බංග්ලාදේශය තරගාවලියේ ජය හිමිකරගත් අතර ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ අවමන් සහගත පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අගෞරවයෙන් මිදීමට හැකියාව ලැබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *