Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැඩි වශයෙන් බලපෑ ‘බුරවි’ සුළි කුණාඩුව ඊයේ (03 වැනිදා) සවස් කාලයේ දී මන්නාරම සහ පූනරීන් අතර වෙරළට ආසන්ව පැවති අතර එය මන්නාරමට උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම අරඹා තිබෙනවා.

දිවයිනට බලපෑ බුරවි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එක් අයෙකු අතුරුදන්ව පස් දෙනකු තුවාල ලබා පවුල් 13,052කට අයත් පුද්ගලයන් 43,814ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.


සුළි කුණාටුවේ වැඩිම බලපෑම එල්ල වී තිබුණේ යාපනය දිස්ත්‍රික්කයටය. එම දිස්ත්‍රික්කයේ පවුල් 6553කට අයත් පුද්ගලයන් 22,061ක් පීඩාවට පත්ව සිටිති. දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත නිවාස රැසක් ජලයෙන් යට වී තිබිණි. පේදුරුතුඩුව ප්‍රදේශයේ පමණක් නිවාස හානි 559ක් වාර්තා වුණා.


යාපනය දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන නිවාස සංඛ්‍යාව 29ක්. තවත් නිවාස 1266කට අර්ධහානි සිදු වී තිබෙනවා. දිස්‍ත්‍රික්කයේ පවුල් 803ක පුද්ගලයන් 2845ක් සුබසාධන කඳවුරු 29ක රඳවා සිටින බව යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.


මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 2236කට අයත් පුද්ගලයන් 7749ක් පීඩාවට පත්ව සිටිනවා. පවුල් 1778කට අයත් පුද්ගලයන් 6026 දෙනකු තාවකාලික සුබ සාධන මධ්‍යස්ථාන දහඅටක රඳවා සිටින බව සඳහන්.
මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 405කට අයත් පුද්ගලයන් 1149ක් පීඩාවට පත්ව ඇති අතර පවුල් 130කට අයත් පුද්ගලයන් 444ක් කඳවුරු හතරක රඳවා තිබෙනවා.


කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 292කට අයත් පුද්ගලයන් 882ක්ද, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 74ක පුද්ගලයන් 236ක් ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ ඒකකය පවසන අතර දිස්ත්‍රික්කයේ නිවාස පහකට සුළු හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *