Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

“බුරවි” සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90පමණ වන බවයි.

විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි විය හැකියි.

මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදයවරුව වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකියි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *