Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බුරවි” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 06 ක පවුල් 551 කට අයත් පුද්ගලයින් 1,904 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 15ක්.

තවත් නිවාස 170 කට අර්ධ හානි සිදුව තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එලෙස ආපදාවන් වාර්තා වනවා.

එම ප්‍රදේශවල සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

කුණාටුවේ අවදානමත් සමග යාපනය, ත්‍රීකුණාමලය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1,029 කට අයත් පුද්ගලයින් 4,007 ක් සුරක්ෂිත මධ්‍යස්ථානවලට යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *