බුරවි සුලි කුණාටුව දිවයිනෙන් බැහැරට යමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පද්ධතිය ගැන අවසන් නිවේදනය නිකුත් කරමින් කියයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙඞ්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
තුවාල ලබා ඇති 04 දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මන්නාරම – යාපනය – කිළිනොච්චිය – මුලතිවු – වව්නියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පවුල් 3575 ක පුද්ගලයන් 12 දහස් 252 දෙනෙකු එහි බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ.
නිවාස 15 ක් පූර්ණව විනාශ වී ඇති අතර තවත් 192 කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා.
පවුල් 2911 ක පුද්ගලයන් 10 දහස් 336 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 79 ක රඳවනු ලැබ සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.
