මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යාම හමුවේ මෙය දැඩි අවදානම් තත්ත්වයක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ.
මේ හේතුවෙන් ඔවුන් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණයට යොමුවිය යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් රජයේ ගබඩාවල පවතින බවයි එම මහතා තවදුරටත් සඳහන් කළේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා රෝහල්වල කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනිමට පහසුකම් සලසා ඇති බව ද එම මහතා අදහස් දක්වමික් කියා සිටියා. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබා ගත් පුද්ගලයින්ගේ වෛරසය සඳහා පවතින ප්‍රතිශක්තිය හීන වෙමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ.