Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර, බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ භූවිද්‍යාත්මක හෝ ස්වාභාවික හේතූන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදී ගත් වැරැදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා බව ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පත්කළ කමිටුව තීරණය කර තිබේ.

හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේ මහතාට අයත් පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ඊට පහළින් පිහිටි නිවෙසක පදිංචිව සිටි මව, පියා හා දින පනහක් වයසැති බිළිඳා මරණයට පත්වූහ.

ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යුහය සම්බන්ධව ගැටලු රැසක් කමිටුව මගින් අනාවරණය කරගෙන තිබේ. ඊට ආදළ පිටු 24ක වාර්තාව කමිටු සාමාජිකයන් විසින් 6 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාරදී තිබේ.

ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගත් වැරදි තීරණ සහ යොදාගත් අමුද්‍රව්‍ය එය කඩා වැටීමට හේතුවී ඇති බැවින් ගොඩනැඟිල්ල ඉදිකළ අය සම්බන්ධයෙන් අධිකරණය මගින් ඉදිරියේදී නීතිමය පියවර ගනු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.

මහනුවර පොලිසිය මගින් කමිටු වාර්තාවේ කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම කීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *