Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බේරුවල දුම්රිය ස්ථානය ඉක්මණින්ම විෂබීජහරණය කර වෙනත් දුම්රිය ස්ථානවලින් සේවකයන් ගෙන්වා දුම්රිය නැවතුමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි අද (15) සවස ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කියා සිටියේ ප්‍රදේශවාසීන් පත්වන අපහසුතාව හේතුවෙන් මේ සඳහා කඩිනම් පියවර ගත් බවයි. දුම්රිය ස්ථානයේ ම නිරෝධායනයට යොමුකර සිටි සාමාජිකයන් ද එම ස්ථානයෙන් ඉවත්කිරිමට කටයුතු කර තිබේ. දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා මඟ හරවාගැනීම සඳහා එම පියවර ගෙන ඇත.

මරදාන දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ එම නිලධාරියාගෙන් අප විමසීමේ දී කියා සිටියේ මරදාන දුම්රිය ස්ථාන සති කිහිපයක සිට වසා ඇති බවයි. පිටතින් හෝ සේවකයන් ගෙන්වා එහි මෙහෙයුම් ආරම්භ නොකළ බවත් දුම්රිය ආසන කලින් වෙන්කරවා ගැනීමේ සේවාවන් පවා මරදාන දුම්රිය ස්ථානයේ සිදු නොවන බවත් ඔහු කීවේය.

මරදාන යනු කොළඹ කොටුව හැරුණු විට මෙරට ඇති ප්‍රධාන දුම්රිය ස්ථානයයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *