Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බොරතෙල් නැවක් මෙරට මුහුදු සීමාවට පැමිණ (28) අදට දින 38 ක් ගත වී තිබෙන බවත්, මෙම බොරතෙල් තොගයට ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් ලක්‍ෂ 57ක් ගෙවීමට සිදුව ඇති බවත් තෙල්, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

තෙල් සංස්ථා ඉතිහාසයේ බොරතෙල් නැවක් වෙනුවෙන් වැඩිම ප්‍රමාද ගාස්තුව ගෙවීමට සිදුවන්නේ මෙම නැවට බවත්, පසුගිය අප්‍රේල් 23වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නැවකට දින 34ක කාලයක් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආන්නද පාලිත මහතා පැවසීය.

ප්‍රමාද ගාස්තු වශයෙන් මෙම නැවට දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත්, බොරතෙල් නොමැති වීම නිසා පිරිපහදුව වසා දමා අදට දින 14කට වැඩි කාලයක් ගත වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

එසේම පිරිපහදුව වසා දැමීම නිසා පිරිපහදුවෙන් නිෂ්පාදනය කළ ඉන්ධන ප්‍රමාණය මෙරටට ගෙන්වීමට දිනකට ඩොලර් ලක්‍ෂ 09 ක් පමණ වැය වන බවත්, පිරිපහදුව වසා තිබුණද, එහි නඩත්තු කටයුතු අඛණ්ඩව සිදු කළ යුතු බවත් සඳහන් කළ ආන්නද පාලිත මහතා, ඒ සඳහා දිනකට සේවකයන්ට වැටුප් හා දීමනා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක් වැය වන බවද සඳහන් කළේය.

මීට අමතරව ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවිය යුතු බවත්, එසේ තිබියදී බොරතෙල් නැවට ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණය නොගෙවා බොරතෙල් නැවට දිනකට ඩොලර් එක්ලක්‍ෂ පන්දහස බැගින් ගෙවමින් ජාවරම් ක්‍රියාවක් සිදුකරමින් තිබෙන බවත් ඒ මහතා පැවසීය.

මෙම නැවට මේ දක්වා ගෙවීමට තිබෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් ලක්‍ෂ පනස්හතක් බවත්, ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් මිලදී ගැනීමට වැය වන්නේ, ඩොලර් ලක්‍ෂ 44ක මුදල් ප්‍රමාණයක් බවත් ආන්නද පාලිත මහතා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *