රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් 67 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය.
ඔහුගේ මරණය සිදුවන්නේ බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී දිනකට පසුව වීම විශේෂිතය.
බොලිවුඩයේ කාලයක් තිස්සේ ආධිපත්‍යය දැරූ කපූර් පරම්පරාවේ මුල් පුරුකක් වූ රිෂි 1973 දී බොබී චිත්‍රපටයේ පළමු ප්‍රධාන චරිතය රඟපා වඩාත් ජනප්‍රිය විය.
ඔහුගේ පියා ප්‍රවීණ සිනමා නිෂ්පාදක රාජ් කපූර් වන අතර ඔහුගේ චිත්‍රපටයකින් රිෂි කපූර් 1970 දී ළමා නළුවෙකු ලෙස සිය සිනමා දිවිය ඇරඹුවේය.
කපූර්ට 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක ප්‍රතිකාරයකින් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය.
හුස්ම ගැනීමේ අපහසුතා පිළිබඳ දන්වා සිටීමෙන් පසු බදාදා උදෑසන ඔහු රෝහලට ගෙන ගිය බව ඔහුගේ පුත් රන්බීර් කපූර් ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් වෙත පැවසීය.
රිෂී කපූර්ගේ පුතු රන්බීර්ද ප්‍රකට නළුවෙකු වන අතර දියණිය රිද්දිමා කපූර් විලාසිතා ශිල්පිණියකි.