මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
පී.සී.ආර් පරීක්ෂණ මගින් මේ බව තහවුරු වීමත් සමග ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ඊයේ (02 ) යොමුකර තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පවසනවා.
මේ වන විට මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි නිලධාරීන් තිදෙනකුට හා රැඳවූවන් 182 දෙනකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම පළාතින් ඊයේ (02 ) පෙරවරුව වන විට වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501කි.
මහනුවරින් 303 ක් නුවරඑළියෙන් 146 ක් සහ මාතලෙන් 52 ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.