බෝගම්බර බන්ධනාගාරය තුළ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව වාර්තා වේ.
එම බන්ධනාගාරය තුළ මේ වන කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ගෙන ආ කාන්තා රැඳවියන් 663 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර එම රැඳවියන් අතුරෙන් එසේ වෛරස් ආසාදිත යෙන් 23 දෙනෙකු හමුවී තිබෙන බවයි පැවසෙන්නේ.
මීට පෙර එම බන්ධනාගාරය තුළ පිරිමි නිරෝධායන රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් රඳවා සිටි අතර එම පිරිස අතරින් දිනෙන් දිනකොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් රැඳවියන් පිරිස 300 දක්වා පහත දැමීමට බලධාරීන් පියවර ගත් අතර අවස්ථා දෙකකදී එහි රැඳවියන් බන්ධනාගාරයෙන් මිදී පලා යාමටද උත්සාහ කරන ;අදි.
කෙසේ නමුත් ඉන් අනතුරුව එහි සිටි සියලු පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ කාන්තා රැඳවියන් බෝගම්බර බන්ධනාගාරය තුළ නිරෝධායනයට ලක්කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගන්නා ලදි.