Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

උසේන් බෝල්ට් විසින් වසර 18ක් පුරා තම නම රඳවාගෙන සිටි,  වයස අවුරුදු 18න් පහළ පිරිමි  මීටර් 200 ඉසව්ව සම්බන්ධව තබා තිබූ ලෝක වාර්තාව  බිඳ වැටී තිබෙනවා.

ඒ ඇමරිකාවේ පැවැති ලීග් තරගාවලියකදී.

ඒ අනුව එම නව වාර්තාව පිහිටුවා ඇත්තේ දහහත් හැවිරිදි ඇමරිකානු ජාතික එරියන් නයිටන් (Erriyon Knighton) නම් ක්‍රීඩකයා  විසින්.

උසේන් බෝල්ට් විසින් 2003 වසරේදී තප්පර 20යි දශම එකයි තුනක් ලෙස පිහිට වූ  වාර්තාව නයිටන් විසින් අලුත් කරනු ලැබුවේ තත්පර 20යි දශම එකයි එකක් ලෙසයි.

උසේන් බෝල්ට් 2003 වර්ෂයේදී අවුරුදු 18 න් පහළ  මිටර් දෙසීය ලෝක වාර්තාව පිහිටුවන අවස්ථාවේදී නව වාර්තාවේ හිමිකරු වන එරියන් නයිටන්  මෙලොව එළිය දැක නොතිබීම ද විශේෂත්වයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *