භානුක රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටිනවා.
භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ වගකීම් පිලිබඳ ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පියෙක් ලෙස සහ ඒ ආශ්රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන්
යනුවෙන් ඔහු සඳහන් කොට තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් දන්වා සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු පැවසීය.

භානුක රාජපක්ෂ එක්දින සහ විස්සයි20 තරඟ දෙකෙහිම ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
මේ අතර භානුක රාජපක්ෂ ගේ තීරණය ගැන අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කරන්නේ භානුක හට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදීමට ඇති දායකත්වය තවත් ඇති බවයි.
ජාත්‍යන්තර මට්ටමේ දී රට නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම පහසු කාර්යයක් නොවන බවත් එය සැබවින්ම අභියෝගවලින් යුක්ත බවයි ලසිත් මාලිංග සඳහන් කර සිටින්නේ.
Representing your country at International level is not an easy task and players always face so many challenges.
I truly believe that @BhanukaRajapak3 has a lot more to give to Sri Lankan cricket and I request him to reconsider his decision to retire from International cricket🤞— Lasith Malinga (@ninety9sl) January 5, 2022