Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගී වන පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට අද දිනයේදී සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශතකයක් වාර්තා කරමින්.

CRICKET-WIS-SRI-1ST TEST-DAY4 : News Photo
Image Source : Getty Image

මෙම තරඟයේ සිව්වන දිනය වූ අද (25) දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 255ක්.

දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 46ක් සහ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 21ක් ලබා තිබුණා. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලෙස ලකුණු 70ක් තිබියදී අර්ධ ශතකයක් වාර්තා කර සිටි ධනංජය සිල්වා අල්සාරි ජෝසප් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වදිමින් පිටියෙන් ඉවත්ව යනවා.

ඉන්පසුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිශ්ශංක ලකුණු 179ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩ නගනු ලබනවා. පැතුම් නිශ්ශංක සිය පළමු ටෙස්ට් තරඟයේදීම තම මංගල ශතකය වාර්තා කරමින් දැවී යනවිට ඔහු වාර්තා කර තිබු ලකුණු සංඛ්‍යාව 103ක්.

CRICKET-WIS-SRI-1ST TEST-DAY4 : News Photo
Image Source : Getty Image

පැතුම් නිශ්ශංක ගේ මෙම ශතකය වාර්තා පොත් අතරට එකතු වුයේ 144 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ, මංගල තරගයේදි ශතකයක් වාර්තා කරන 108 වැන්නා ලෙසින් ඉතිහාසගත වෙමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලද ක්‍රීඩකයන් 155 අතරින් පැතුම් නිශ්ශංකට පෙර ⁣⁣බේරෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර මංගල තරගයේදිම ශතක ලබාගැනීමට සමත් වූ අතර පැතුම් එම ලයිස්තුවේ සිව්වැන්නා ලෙස වාර්තා පොත් අතරට එකතු වුණා.

අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල තරගයේදිම ශතකයක් වාර්තා වන්නේ වසර විස්සකට පෙර තිලාන් සමරවීරගේ පිත්තෙනි. එවකට පැතුම්ගේ වයස අවුරුදු දෙකකි.

CRICKET-WIS-SRI-1ST TEST-DAY4 : News Photo
Image Source : Getty image
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *