මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීමයි.
2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.එසේම භාවිත කළ කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා හැර ඇති බව සඳහන්.
ඊට හේතුව ලෙස දැක්වෙන්නේ මෙම බෝතල් ප්රතිචක්රීයකරණය කිරීමක් හෝ අදාල සමාගම් විසින් යළි එකතු කිරීමක් සිදු නොකිරීමයි.