Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද අලුයම මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවක දී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුවුණා .

කොළඹ අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණයේ, මහෙස්ත්‍රාත්වරිය විසින් එම සිදුවීම වු ස්ථානය හා මෘත ශරීරය නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා .

ඒ අනුව මධුෂ් ලක්ෂිතගේ විවාහක බිරිඳ විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔහුගේ මළ සිරුර හඳුනාගනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

මියගිය මාකඳුරේ මධූශ්ගේ දේහය මේ වන විට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ.

දේහය පිලිබද අවසන් කටයුතු හෙට මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *