Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සාමකාමී උද්ඝෝෂකයින්ට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව මැයි 09 නිවාස හානි වූ මන්ත්‍රී වරුන් වෙත ප්‍රමුඛත්වය ලබා දෙමින් බෙදා දීම සඳහා වියත් පුර නිවාස සංකීර්ණයේ නිවාස අත්පත් කරගැනීම වෙනුවෙන් කෝටි එකසිය හැත්තෑ නවයකුත් පනස් තුන් ලක්ෂ හතලිස් දහසක් 2022 වසර තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමටත්, ඉන් සියයට පනහක් වූ අසූ නව කෝටි හැත්තෑ හය ලක්ෂ හැත්තෑ දහසක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීම සඳහා මේ වසරේ දෙවන කාර්තුව තුළදීම මහා භාණ්ඩාගාරයෙන් නාගරික සංවර්ධන අධිකාරියට මුදා ගැනීම සඳහාත් අනුමැතිය ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගිය 30 වැනිදා පැවති කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

මේ වසරේ කඩිනමින් ප්‍රතිපාදන වෙන් කරගැනීමට යෝජනා වී ඇති වියත්පුර නිවාස සංකීර්ණයේ බී කුළුනේ නිවාස 101ක් මන්ත්‍රී නිල නිවාස සඳහා වෙන් කිරීමට මීට පෙර යෝජනා වී තිබිණි.

මාදිවෙල නිවාස සංකිර්ණය ගරා වැටුණු තත්ත්වයකට පත් වී ඇති බැවින් 2021.06.23 දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ කාරක සභා රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නව නිවාස ඒකක වියත්පුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ බී කුළුණේ වෙන් කිරීමට යෝජනා විය.

එහෙත් ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබිණි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව යොමු කරන්නේ එම නිවාස 101 මන්ත්‍රීවරුන්ට වෙන් කරගෙන එහි භුක්තිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත කඩිනමින් පවරා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් කෝටි එකසිය අසූවක් වෙන් කරගැනීම වෙනුවෙනි.

මේ වනවිට රටේ බිහිසුණු ආර්ථික ව්‍යසනයක් ඇති වී ජනතාවට තුන්වේල කන්න දෙයක් නැති අවස්ථාවක, ඩොලර් සඳහා තෙල් සංස්ථාවට රුපියල් නැති අවස්ථාවක මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව යොමු කර තිබේ.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වෙත පසුගිය 23 වැනිදා ලිපියක් යවමින් දන්වා සිටින්නේ මැයි 09 දා නිවාස අලාභානියට ලක් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නියමය පරිදි වීර මාවත නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමට නිර්දේශ කර ඇති බැවින් එම වීර මාවත නිවාස සංකීර්ණයේ ප්‍රවේශ මාර්ගයෙහි කටයුතු වහාම නිමා කරන ලෙසයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාව

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මාර්ග සංවර්ධන අධිකාරය ඇමතූ අයුරු….

01

2 Comments

  • ටහිකේ, 2022-06-03 @ 1:16 PM Reply

    තොපිට කොයිල්ද හුයන්නෝ…. මෙච්චර රටේ මිනිස්සුන්ට කන්න බොන්නවත් නෑ. හුයන්නෙ දේසපාලුවන්ට සලකන්නෙ කෝටි ප්‍රකෝටි ගණනින්.

  • Kosala, 2022-06-03 @ 2:01 PM Reply

    Health warkaslata padi geweemath kappa karala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *